පොලිස් සිරමැදිරියක් තුළ දී බිරිඳගේ අනියම් සැමියාගේ ගෙල කපයි..

CID - Sri Lanka Police Police spokesman Sri Lanka Police
By Aruna Aug 27, 2023 05:50 AM GMT
Aruna

Aruna

Report

පොලිස් සිර මැදිරිය තුලදී සිය බිරිඳගේ අනියම් සැමියාගේ ගෙල කපා බරපතළ තුවාල සිදු කළ පුද්ගලයෙකු පැල්මඩුල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

කාන්තාව විසින් සිය අනියම් සැමියා සමග පැල්මඩුල්ල නගරයේ කලහකාරීව හැසිරෙමින් සිටියදී පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන පොලිස් ස්ථානයට රැගෙනවිත් තිබෙන බවයි පැවසෙන්නේ.

පසුව පොලිස් ස්ථානයට පැමිණි කාන්තාවගේ සැමියා ඇයට ඇප ලබාගෙන පොලිසියෙන් පිටව යන අවස්ථාවේදී ඇයට පොලිසිය තුළ පහරදීමක් සිදුකර තිබුණා.

පොලීසිය පවසන්නේ, එම පහර දීමේ වරදට පොලිස් නිලධාරීන් විසින් සැමියා අත්අඩංගුවට ගෙන සිර මැදිරියට ඇතුළු කිරීමට පෙර පරික්ෂා කිරීමක නිරත වෙමින් සිටියදී සැකකාර සැමියා විසින් සඟවාගෙන සිටි පිහියක්ද රැගෙන සිරමැදිරිය තුළට පැන එහි සිටි අනියම් සැමියාගේ ගෙලට පිහි පහර එල්ල කර තිබෙන බවයි.

තුවාල ලැබූ අනියම් සැමියා ප්‍රතිකාර සඳහා රෝහලට ඇතුළත් කර ඇති අතර සැකකරු අත්අඩංගුවට ගෙන ඉදිරි විමර්ශන පැල්මඩුල්ල පොලිසිය විසින් සිදුකරන බවයි වාර්තා වන්නේ.

ReeCha