උණ්ඩියල් ක්‍රමයට විදෙස් මුදල් ජාවාරම් කළ අයෙක් STF අත්අඩංගුවට..

By krishani May 16, 2022 03:29 AM GMT
Report

විශේෂ කාර්ය බලකාය විශේෂ මෙහෙයුම් අංශ 03 හි නිලධාරීන්ට ලද තොරතුරකට අනුව උණ්ඩියල් ක්‍රමයට ළඟ තබාගෙන සිටි යූරෝ 50,000 මුදල් නෝට්ටු තොගයක් සොයාගෙන ඇත.

ඊයේ(15) බොරලැස්ගමුව පොලිස් වසමේ පැපිලියාන ප්‍රදේශයේ දී මෙම වැටලීම සිදුකර ඇති අතර එහිදී උණ්ඩියල් ක්‍රමයට විදෙස් මුදල් ජාවාරම් කිරීමට තැත් කිරීමේ චෝදනාව මතයි අදාළ සැකකරු අත් අඩංගුවට ගනු ලැබුවේ.

මෙම මුදල් තොගයේ වටිනාකම ශ්‍රී ලංකා මුදලින් රුපියල් මිලියන 18.69ක් පමණ වන අතර මෙම මුදල් ප්‍ර‍කට ආදායමින් කොටසක් නොවන බවට සැකකළ හැකි මුදල් විශුද්ධීකරණය කිරීමේ වරදට ගැනෙයි.

සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු පුංචි බොරැල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 53 ක පුද්ගලයෙක් ය.

සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කිරුළපන නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය වෙත භාර කෙරිණි. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join