මහාපරිමාණ ජාවාරමක නිරත වූ සුරූපී රංගන ශිල්පිණියක් අත්අඩංගුවට(VIDEO) ..

Police Athurugiriya Kaduwela Ajithi Rohana
By Aruna Jun 07, 2021 07:37 AM GMT
Aruna

Aruna

Report

 ශ්‍රී ලංකා පොළිසියට අවශ්‍යව සිටි මිනිමැරුම් චෝදනා ලබා සිටින හා මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකුවන කුඩු අංජු නම් පුද්ගලයාගේ ඥාතී සහෝදරයෙකු වන 27 හැවිරිදි චාමර සදරුවන් නැමැත්තා හා 24 හැවිරිදි ඔහුගේ බිරිද ඊයේ රාත්‍රියේදී අතුරුගිරිය මිලේනියම් සිටි හිදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් කාන්තාව රංගන ශිල්පිණියක් බවයි සඳහන් වන්නේ.

අතුරුගිරිය පොළිසියේ කොට්ඨාශ බුද්ධි අංශයට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇති අතර එහිදි ඔවුන් සතුව තිබු අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම්25ක් මුදලින් ලක්ෂ ලක්ෂ 14ක්, මුදල් ගනින යන්ත්‍ර 3 ක්, ජංගම දුරකතන 3 ක් සහ මෝටර් රථයක් සොයාගෙන තිබෙනවා. මීට දින 3ට ඉහතදී ඔවුන් කෝටි 10ක මුදල් සංසරණයක් සිදුකර ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

මෙම දෙදෙනා කඩුවෙල අධිකරණයට ඉදිරිපත් කර රැදවුම් නියෝග ලබාගැනීමට නියමිත බවද පොලිසිය වැඩි දුරටත් ප්‍රකාශ කළා.

මේ අතර,පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා විසින් රට තුළ ක්‍රියාත්මක වන සංචරණ සීමා ගැන දැනුම් දීමක් සිදු කර තිබෙනවා.

එම වීඩියෝව පහතින් නරඹන්න.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now