පහරදීමකට 11ක් අත්අඩංගුවට.

Sri Lanka Police Jaffna Sri Lanka Sri Lanka Police Investigation
By krishani Jul 07, 2023 04:00 AM GMT
krishani

krishani

Report

යාපනය - මන්නාරම ප්‍රදේශයේ දී පහරදීමකට අදාළව 11 දෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ එම මාර්ගයේ වෙල්ලන්කුලම් ප්‍රදේශයේ දී කෝවිලක පූජාවකට පැමිණ යළි නිවෙස් වෙත යමින් සිටි පිරිසකට පහරදීමේ සිද්ධියකට අදාළවයි.

පෙරේදා (05) මෙම කෝවිලේ පූජාවට ට්‍රැක්ටරයකින් පැමිණි පිරිසක් යළි පිටත්ව යාමේ දී මෙම පහරදීම සිදුව ඇති අතර ඉන් ට්‍රැක්ටරයේ රියදුරු සහ තවත් කාන්තාවන් දෙදෙනෙකු බරපතල තුවාල ලබා තිබෙනවා.

ඔවුන් මුලන්කාවිල් රෝහලට ඇතුළත් කළ අතර කෝවිලේ පූජාවට පැමිණ පිටව යාමේදී දෙපිරිසක් අතර බහින්බස්වීමක් සිදුව ඇත.එය දුරදිග යාමෙන් මෙම ගැටුම ඇති වී ඇත්තේ.