කාන්තාවන්ට දෙදෙනෙක් සිහින පෙන්නලා - නොසිතූ මොහොතක වැරදුණ තැන..

Sri Lanka Police Sri Lanka
By krishani Nov 11, 2022 11:52 PM GMT
krishani

krishani

Report

නීතිවිරෝධි අයුරින් සංචාරක වීසා මගින් කාන්තාවන් ඩුබායිහි රැකියා සඳහා යැවූ කාන්තාවක් ඇතුළු දෙදෙනෙකු ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විමර්ශන ඒකකයේ නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අඩ්ඩාලච්චේන ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් විසින් මෙලෙස සංචාරක වීසා මගින් කාන්තාවක් රැකියාවක් සඳහා ඩුබායි රාජ්‍යයට යවා ඇත.

එහිදී ඇයට පොරොන්දු වූ පරිදි රැකියාව ලබානොදුන් බවට ඇයගේ සැමියා කාර්යාංශය වෙත සිදුකළ පැමිණිල්ලකට අනුව මෙම වැටලීම සිදුකර ඇත්තේ.

මෙයට අමතරව අම්පාර ප්‍රදේශයේ පදිංචි කාන්තාවක්ද සංචාරක වීසා මගින් රැකියාවක් සඳහා ඩුබායි රාජ්‍යයට ගොස් ඇත.

එහිදී ද  පොරොන්දු වූ පරිදි රැකියාව නොලැබීම හේතුවෙන් යළි දිවයිනට පැමිණීම පිළිබඳව ද එම කාර්යාංශයට පැමිණිල්ලක් සිදු කර තිබුණු අතර ඒ අනුව ක්‍රියාත්මක වූ විමර්ශන අංශයේ නිළධාරීන් අම්පාර - සාමපුර ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් අත්අඅඩංගුවට ගන්නා ලදී.

වින්දිත කාන්තාවට රැකියාව ලබාදීම සඳහා රුපියල් ලක්ෂ 5ක මුදලක් අයකර තිබු බව අනාවරණය විය.



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join


ReeCha