නාවින්න වෙඩිතැබීමේ වෙඩික්කරු පොලිස් අත්අඩංගුවට

Report

මහරගම නාවින්න හංදිය ආසන්නයේ හයිලෙවල් මාර්ගයේ රැඳී සිටි පුද්ගලයෙකුට යතුරුපැදියකින් පැමිණ වෙඩිතැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව කල වැටලීමෙන් සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත.

රට පුරා විදුලිය බිද වැටීමක් - විදුලිබල මණ්ඩලයෙන් අනතුරු ඇගවීමක්

රට පුරා විදුලිය බිද වැටීමක් - විදුලිබල මණ්ඩලයෙන් අනතුරු ඇගවීමක්

මෙම වෙඩිතැබීම 2025.08.06 වනදා සිදුකල අතර එම අපරාධයේ වෙඩික්කරු මොහු යන සැකය මත අත්අඩංගුවට ගෙන ඇත.

නිවසේ විදේශීය රටක නිෂ්පාදිත ගිනිඅවියක් සහ බෝර 12 වර්ගයේ උණ්ඩ 03ක් සැකකරු අනාවරණය කල තොරතුරු මගින් සොයාගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට ගත් පුද්ගලයා 39 වියැති කිරිවත්තුඩුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.  

නඩු 14ක් තියෙනවා - පුළුවන් නම් අත්අඩංගුවට ගන්න කියලා මහින්දගෙන් අභියෝග

නඩු 14ක් තියෙනවා - පුළුවන් නම් අත්අඩංගුවට ගන්න කියලා මහින්දගෙන් අභියෝග