පොලිස්පති පත්කිරීමේ තීරණය..

By Sithumi Jul 08, 2023 03:49 PM GMT
Sithumi

Sithumi

Report

වැඩබලන පොලිස්පතිවරයෙකු පත්කරනවාද? නැතිනම් පොලිස්පතිවරයාව සිටි සී.ඩී වික්‍රමරත්න මහතාට සේවා දිගුවක් ලබාදෙනවාද යන්න නිර්දේශ කිරීම මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාට පවරා ඇති බව වාර්තා වනවා.

  අමාත්‍යවරයා හා ජනාධිපතිවරයා අතර මේ සම්බන්ධයෙන් හෙට (09) පැවැත්වෙන සාකච්ඡාවෙන් පසුව අවසන් තීරණයක් ගනු ඇති බව වාර්තා වන අතර පොලිස්පතිවරයාව සිටි සී.ඩී වික්‍රමරත්න මහතා ඉකුත් මාර්තු මස 25 වැනිදා විශ්‍රාමයෑමට නියමිතව සිටියදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මාස තුනක 3ක කාලයක් සඳහා සේවා දිගුවක් ලබාදුන්නා.

එම මාස 03ක සේවා දිගුව පසුගිය ජුනි මස 25 වැනිදා අවසන් වුණු අතරඒ අනුව, අදාළ කාල සීමාව අවසන් වී අදට දින 13ක් ගතවී ඇති පසුබිමකත් මෙතෙක් පොලිස්පතිවරයෙකු පත්කිරීමට විධායකය විසින් පියවර ගෙන නැහැ.

එවන් පසුබිමක පසුගිය බ්‍රහස්පතින්දා ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ විෂය භාර අමාත්‍ය ටිරාන් අලස් යන මහත්වරුන් අතර ඒ සම්බන්ධයෙන් සාකච්ජාවක් පවත්වා තිබුණු අතර එහිදී ජනාධිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයෙකු පත්කිරීම හෝ පොලිස්පතිවරයාව සිටි සී.ඩී. වික්‍රමරත්න මහතාට තවත් සේවා දිගුවක් ලබාදෙන්නේද යන්න නිර්දේශ කරන ලෙස ටිරාන් අලස් අමාත්‍යවරයා වෙත දැනුම්දී ඇති බව වාර්තා වනවා.

ඒ අනුව, මහජන ආරක්ෂක අමාත්‍යාවරයා හා ජනාධිපතිවරයා අතර පොලිස්පති ධූරය සම්බන්ධයෙන් හෙට පස්වරුවේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව ආණ්ඩුවේ ආරංචිමාර්ග පවසනවා. එහිදී පොලිස්පතිධුරය සම්බන්ධයෙන් අවසන් එකඟතාවයකට ඒමට බොහෝදුරට ඉඩ ඇති බවත් අනතුරුව ජනාධිපතිවරයා විසින් පොලිස්පතිවරකු පත්කරනු ඇති බවත් වාර්තා වන අතර මේ අතර හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා පසුගිය බ්‍රහස්පතින්දා මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අල්ස් මහතාව පෞද්ගල්කව මුණගැසී ඇති බව පොලිස් ආරංචිමාර්ග පවසනවා.