මාලිමාවට විශිෂ්ට ජයක්
පොල්ගහවෙල ප්‍රාදේශීය සභාවේ 2026 වර්ෂය සඳහා වූ අයවැය ජාතික ජනබලවේග කණ්ඩායම ඡන්ද 26 ක් ලබා ගනිමින් වැඩි ඡන්ද 13 කින් සම්මත විය.
ප්‍රාදේශීය සභා සභාපති එම්. ඒ. විමලසිරි මහතා අයවැය යෝජනාවලියට පක්ෂව ඡන්දය ලබා දුන් අතර සමගි ජනබලවේගය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු සභිකයන් 13 දෙනා අයවැයට විපක්ෂව ඡන්දය දුන්නේය.
ජාතික ජන බලවේගයෙ සභික ධූර 23 ක් ලබා ගත් අතර අනෙකුත් පක්ෂ විසින් සභික ධූර 18 ක් ලබාගන්නා ලදී.