පොල්දූව වටරවුම අසල උණුසුම් තත්ත්වයක්
By Dilasha
විරෝධතාවයක නිරත රැකියා විරහිත උපාධිධාරීන් පිරිසක් සහ පොලිසිය අතර උණුසුම් තත්ත්වයක් පාර්ලිමේන්තු වටරවුම අසල පොල්දූව මංසන්දියේදී ඇති වී තිබේ.
විරෝධතාකරුවන් පාර්ලිමේන්තු ප්‍රවේශ මාර්ගයට ඇතුළු වීමට උත්සහ දැරීමත් සමඟ උණුසුම් තත්ත්වයක් හට ගෙන ඇති බව වාර්තා වේ.
මෙම ප්‍රදේශයේ විරෝධතා පැවැත්වීමට එරෙහිව අධිකරණ නියෝගයක් ද ලබා දී ඇති පසුබිමක මොවුන් මෙලෙස උද්ඝෝෂණයේ නිරත වන බව පොලිසිය සඳහන් කරයි.
මෙම සිද්ධියට අදාළ වීඩියෝව පහතින් නරඹන්න.