හදිසි බස් වර්ජනයක්. - අද මේ බස් රූට් එකේ යන්න බලන් ඉන්න අය දැනුවත් වන්න.

Sri Lanka Bus Strike Srilanka Bus
By Wayomi Jul 31, 2024 07:01 AM GMT
Wayomi

Wayomi

Report

අද (31) උදෑසන 138 කඩවත - කොටුව මාර්ගයේ ගමන්ගන්නා බස් රථ වර්ජනයක් ආරම්භ කිරීම හේතුවෙන් මගීන් දැඩි අපහසුතාවයට පත්ව තිබෙනවා..

ඒ අනුව කඩවත - කොටුව, වැලිවේරිය - කොටුව හා කිරිල්ලවල - කොටුව යන සියලු බස්රථ ධාවනයෙන් ඉවත්ව ඇත.

හදිසියේම පාර්ලිමේන්තුව විසුරුවා හැරීමක්..?

හදිසියේම පාර්ලිමේන්තුව විසුරුවා හැරීමක්..?


ඇතිවී තිබුණු කලබලකාරී තත්ත්වය මඟ හැරීම ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ කිහිපයක් කඩිනමින් ධාවනයට එක් කළ බව වාර්තා වෙනවා.

138 බස් රථහිමියන් පවසන්නේ, කිරිබත්ගොඩ - පිටකොටුව මාර්ගයේ අලුත් බස්රථ කිහිපයක් සඳහා අවසර ලබාදීමෙන් තමන්ගේ ආදායමට දැඩි පහරක් එල්ල වී ඇති බවයි.

රට පුරා ඉන්ධන පිරවුම්හල් රැසක හදිසියේම ඉන්ධන හිඟයක්.? - මිල සංශෝධනය ගැනත් අලුත්ම ආරංචියක්.

රට පුරා ඉන්ධන පිරවුම්හල් රැසක හදිසියේම ඉන්ධන හිඟයක්.? - මිල සංශෝධනය ගැනත් අලුත්ම ආරංචියක්.


මේ අතර කඩවත - කොටුව බස් නැවතුම් පොළේ මතුවී ඇති විශාල මඩවළ හේතුවෙන් මේ වනවිට බස් රථ කැඩී යන තත්ත්වයට පත්ව ඇතැයි පවසන බස් රියදුරන් වැසිකිළි වල උතුරා යෑම හේතුවෙන් දැඩි දුර්ගන්ධයක් ප්‍රදේශයේ පවතින බව ද සඳහන් කරනවා.

තමන්ගේම වාහනයකින් කොළඹ එන අයට වාසියක්. - කොළඹ කරන්න යන අලුත් වෙනස මෙන්න.

තමන්ගේම වාහනයකින් කොළඹ එන අයට වාසියක්. - කොළඹ කරන්න යන අලුත් වෙනස මෙන්න.


එම හේතූන්ට විසඳුම් ඉල්ලා වර්ජනය ආරම්භ කළ බවත් විසඳුම් නොලැබුණහොත් බස් ධාවනයෙන් තමන් ඉවත්ව සිටින බවත් බස් රියදුරන් පවසන අතර අදාළ බස් වර්ජනය හේතුවෙන් එම මාර්ගයේ ගමන් ගන්නා මගීන් දැඩි දුෂ්කරතාවයට පත්ව තිබෙනවා.

ඇමැති බන්දුලගේ ‘ක්‍රෙඩිට්’ කාඩ් එකෙන් හොරාට බඩු ගත්ත අයට බඩු හරි. - ඇමතිගේ බැංකු ගිණුම් පිරික්සීමටත් අධිකරණ නියෝගයක්.

ඇමැති බන්දුලගේ ‘ක්‍රෙඩිට්’ කාඩ් එකෙන් හොරාට බඩු ගත්ත අයට බඩු හරි. - ඇමතිගේ බැංකු ගිණුම් පිරික්සීමටත් අධිකරණ නියෝගයක්.