කාන්තා ලිංගික හිංසන ගැන අගමැති කියන කතාව
මෙරට කාන්තාවන්ගෙන් 90%ක් තම ජීවිත කාලය තුළ අවම වශයෙන් එක් වරක් හෝ පොදු ප්‍රවාහනයේදී ලිංගික හිංසනයකට ගොදුරු වන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය පවසයි.
ඇය මෙම අදහස් පළ කළේ එක්සත් ජාතීන්ගේ සංවිධානය, ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය සහ ක්‍රිසලස් ආයතනය එක්ව ආරම්භ කරන ව්‍යාපෘතියක එළිදැක්වීමේ උත්සවයකට ඊයේ (25) සහභාගී වෙමිනි.
ඇය පෙන්වා දුන්නේ, ස්ත්‍රී-පුරුෂ විෂමතා දර්ශකයේ රටවල් 146ක් අතරින් ශ්‍රී ලංකාව 122 වැනි ස්ථානයේ පසුවන බවයි. ලිංගිකත්වය, ආගම, ජාතිය සහ වයස ඉක්මවා යන සමාජ ගැටලුවක් ලෙස මෙය හඳුනාගත හැකි බවත් අග්‍රාමාත්‍යවරිය සඳහන් කළාය.
වැඩිදුරටත් අදහස් දක්වමින් ඇය කියා සිටියේ, විශ්වවිද්‍යාල සිසුන්ගෙන් 60%කට වඩා වැඩි පිරිසක් කාන්තාවන් වුවත්, වැටුප් ලබන ශ්‍රම බලකායේ කාන්තා නියෝජනය 35%ක් පමණක් වන බවයි.
කාන්තාවන්ට රැකියා අවස්ථා හරහා ආර්ථිකයට දායක වීමේ හැකියාව සහතික කිරීමට සුදුසු ක්‍රමවේදයක් අවශ්‍ය බවත් ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අවධාරණය කළාය.
Trending News Now
