ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන්...???

Report

මෙරට පුද්ගලයන් කිහිප දෙනෙකුට සම්බාධක පැනවීම හරහා ඉදිරියේදී ශ්‍රී ලංකාවට එරෙහිව වුවද සම්බාධක පැනවීමට හැකි බව නීතිඥ මහාචාර්ය ප්‍රතිභා මහනාමහේවා මහතා සඳහන් කර තිබෙනවා.

මෙම තත්ත්වය උදාකර ගෙන ඇත්තේ ශ්‍රී ලංකාව විසින්ම බවද පවසන ඔහු, කොමිෂන් සභා බොහෝ ප්‍රමාණයක් පත්කර ඇතත් ඒවායේ කිසිම නිර්දේශයක් කිසිම රජයක් ක්‍රියාත්මක නොකිරීම ඊට හේතුව බවද ඒ මහතා කියා සිටියා.

හිටපු හමුදාපති ශවේන්ද්‍ර සිල්වා, හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ, හිටපු හමුදාපති ජගත් ජයසූරිය ඇතුළු පිරිසකට බ්‍රිතාන්‍ය විසින් සම්බාධක පැනවීම සම්බන්ධයෙන් අදහස් පල කරමින් ඔහු මේ බව පැවසුවා.

මෙරට පැවති යුද්ධය අතරතුර මානව හිමිකම් උල්ලංඝනය කළේ යයි පුද්ගලයින් කිහිප දෙනෙකුට එක්සත් රාජධානිය විසින් සම්බාධක පනවා ඇති අතර ඔවුන්ගේ එක්සත් රාජධානියේ සංචාරය තහනම් කිරීම, එරට වත්කම් එක් රැස් කිරීම, එරට ඔවුන් නමින් ඇති වත්කම්ද ඒ අනුව තහනම් කෙරෙනු ඇති බව සඳහන්.

Trending News

ශ්‍රී ලංකා පාසල් සිසුන්ගේ භයානක ප්‍රවණතා: සමාජ මාධ්‍ය බලපෑම හෙළිවෙයි

ශ්‍රී ලංකා පාසල් සිසුන්ගේ භයානක ප්‍රවණතා: සමාජ මාධ්‍ය බලපෑම හෙළිවෙයි

ශ්‍රී ලංකා සිරකරු හුවමාරු ගිවිසුම යටතේ කුවේට් සිට ශ්‍රී ලාංකික සිරකරුවන් 20ක් මෙරටට!

ශ්‍රී ලංකා සිරකරු හුවමාරු ගිවිසුම යටතේ කුවේට් සිට ශ්‍රී ලාංකික සිරකරුවන් 20ක් මෙරටට!

2025 අයවැය නිසා රජයේ විශ්‍රාමිකයන් කණස්සල්ලෙන්

2025 අයවැය නිසා රජයේ විශ්‍රාමිකයන් කණස්සල්ලෙන්