මහින්ද සැර වෙයි - හිටපු හමුදාපතිවරුන්ට දැමූ සම්බාධක ගැන නිවේදනයක්
Shavendra Silva
Mahinda Rajapaksa
Sri Lanka
Sinhala news
By Shehan
ජාතික ආරක්ෂාව සහතික කිරීම වෙනුවෙන් තම රාජකාරිය ඉටු කළ සන්නද්ධ හමුදා නිලධාරීන් ඉලක්ක කර ගනිමින් විදේශීය රජයන් සහ සංවිධාන වෙතින් එල්ල වන තාඩන හා පීඩනවලට එරෙහිව වත්මන් ආණ්ඩුව කටයුතු කරන බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.
බ්‍රිතාන්‍යය විසින් හිටපු ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාපතිවරුන්ට එරෙහිව සම්බාධක පැනවීම සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් නිවේදනයක් නිකුත් කරමින් මහින්ද රාජපක්ෂ මහතා මේ බව පවසයි.
එල්ටීටීඊ සංවිධානයට එරෙහිව යුද්ධයක් ආරම්භ කිරීමට තීරණය කළේ එවකට ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපති ලෙස කටයුතු කළ තමා විසින් බවත්, ශ්‍රී ලංකා සන්නද්ධ හමුදා එම තීරණය ක්‍රියාවට නැංවූ බවත් හිටපු ජනාධිපතිවරයා එම
නිවේදනයෙන් පෙන්වා දෙයි. එම නිවේදනය පහත දැක්වේ,
Trending News


