මට දවසකට ලියුම් දාහක් විතර ලැබෙනවා.. ඒවට පිළිතුරු ඕනනම් මාලිමාවට ඡන්ද දෙන්න..- අගමැතිනි

Report

අග්‍රාමාත්‍ය හරිනී අමරසූරිය මහත්මිය පවසන පරිදි, තමන්ට දිනකට ලියුම් දහසක් පමණ ලැබෙන නමුත්, ඒවායින් සියයට 90ක් පමණ ගමේදීම විසඳිය හැකි ප්‍රශ්න වන අතර, ඒවා විසඳී නොමැති නිසා එතරම් ලිපි ලැබෙන බවයි.

කොළොන්නාවේ පැවති පළාත් පාලන මැතිවරණ ජන හමුවකදී ඇය මේ බව පැවසුවාය.

රට පුරා සෞඛ්‍ය හදිසි තත්ත්වයක්! - කොලොම්බියා රජයෙන් විශේෂ දැනුම්දීමක්

රට පුරා සෞඛ්‍ය හදිසි තත්ත්වයක්! - කොලොම්බියා රජයෙන් විශේෂ දැනුම්දීමක්

“මට දිනකට ලියුම් 1000ක් විතර ලැබෙනවා. ඒවායින් 900ක් ගමේ විසඳන්න පුළුවන් ප්‍රශ්න. නමුත් ඒවා විසඳිලා නැති නිසා මා වෙත එනවා. මේවාට කාලය වැය කරන විට මගේ රාජකාරි කරන්න බැරි වෙනවා.

 ඒ ලියුම් නමසියක් නොවිසඳුනු ප්‍රශ්න ගැනයි. ප්‍රාදේශීය සභා, නගර සභා හරියට හැදුවා නම් මේවා විසඳෙනවා.

එහෙම නම්, එකම දැක්මකින් ඉහළ සිට පහළට ක්‍රියාත්මක වන ව්‍යුහයක් හැදෙනවා. ඒ නිසා මැයි 06 වැනිදා මැතිවරණය ඉතා වැදගත්. මේක ඔබ බලාපොරොත්තු වූ විශාල පරිවර්තනයක්.

 අපිට දැන් තේරෙනවා කොච්චර දේවල් කරන්න, වෙනස් කරන්න තියෙනවද කියලා. ඒත්, අපි මේ ගමන යනවා.”

රුපියල යළි බාල්දු වෙයි - ඩොලරය එකවරම ඉහළ යයි

රුපියල යළි බාල්දු වෙයි - ඩොලරය එකවරම ඉහළ යයි