රට පුරා සෞඛ්‍ය හදිසි තත්ත්වයක්! - කොලොම්බියා රජයෙන් විශේෂ දැනුම්දීමක්

By Shehan Apr 18, 2025 08:48 AM GMT
Report

දකුණු ඇමරිකානු රටක් වන කොලොම්බියාවේ කහ උණ රෝගයෙන් 34 දෙනෙකු මිය යාමත් සමඟ රට පුරා සෞඛ්‍ය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇත.

පසුගිය වසරේ සිට කහ උණ වේගයෙන් පැතිරෙමින් පවතින අතර, එය ඊඩිස් සහ හීමොෆිලස් මදුරුවන් මගින් සම්ප්‍රේෂණය වන වෛරස් රෝගයකි.

විශ්ව විද්‍යාලයක වෙඩි තැබීමක්

විශ්ව විද්‍යාලයක වෙඩි තැබීමක්

මේ වන විට රෝගීන් 74 දෙනාගෙන් 34 දෙනෙකු මිය ගොස් ඇත. ටොලිමා ප්‍රදේශයේ 22 දෙනෙකු දැඩි සත්කාර ලබති.

රෝගය පාලනය කිරීම සඳහා සෞඛ්‍ය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ.

වසරේ මෙම කාලයේ බොහෝ කොලොම්බියානුවන් උණුසුම් ප්‍රදේශවලට ගමන් කරන අතර, එම ප්‍රදේශවල රෝග ව්‍යාප්ත කරන මදුරුවන් බහුලව සිටිති.

මෙලෝනිට වශීවුනු ට්‍රම්ප් තීරණය වෙනස් කෙරේ!

මෙලෝනිට වශීවුනු ට්‍රම්ප් තීරණය වෙනස් කෙරේ!

සෞඛ්‍ය ඇමති ගිලර්මෝ අල්ෆොන්සෝ ජරමිලෝ පවසන පරිදි, අවදානම් ප්‍රදේශවලට යන පුද්ගලයින් එන්නත්කරණ සාක්ෂි ඉදිරිපත් කළ යුතු වනු ඇත.

ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ නොමිලේ ලබා දෙන එන්නත ලබා ගන්නා ලෙසයි.