බිමල් රත්නායකට ජාත්‍යන්තර තනතුරක් – ICAPP මාධ්‍ය සංසදයේ සම සභාපති වෙයි

Report

ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මට්ටමේ තවත් නියෝජනයක් හිමිකර දෙමින් ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා ආසියානු දේශපාලන පක්ෂවල ජාත්‍යන්තර සමුළුවේ මාධ්‍ය සංසදයේ (ICAPP Media Forum) සම සභාපතිවරයා ලෙස තේරී පත්ව තිබෙනවා.

ඉදිරි වසර දෙකක කාලය සඳහා මෙම සම සභාපති ධුරයට බිමල් රත්නායක අමාත්‍යවරයා සමඟ ආචාර්ය සියෝ ජි-යන්ග් මහත්මිය ද තේරී පත්ව ඇති බව සඳහන්.

ආසියානු දේශපාලන පක්ෂවල ජාත්‍යන්තර සමුළුවේ 13 වැනි සැසිවාරය නොවැම්බර් 04 වැනිදා සිට 07 වැනිදා දක්වා දකුණු කොරියාවේ සෝල් අගනුවරදී පැවැත්වෙනවා.

ඒ සඳහා රටවල් 36ක් නියෝජනය කරමින් දේශපාලන පක්ෂ 83ක නියෝජිතයන් සහභාගී වී සිටින බවයි වාර්තා වන්නේ. එමෙන්ම බිමල් රත්නායක අමාත්‍යවරයා ICAPP සංවිධානයේ මෙහෙයුම් කමිටු සාමාජිකයෙකු ලෙසද කටයුතු කරනවා.

''කැපකිරීම් කිරීමටත්, පසුබැසීම් සහ සුළු පරාජයන් දරාගැනීමටත් සූදානම් විය යුතුයි'' - ඇමති අනිල් ජයන්ත අවධාරණය කරයි

''කැපකිරීම් කිරීමටත්, පසුබැසීම් සහ සුළු පරාජයන් දරාගැනීමටත් සූදානම් විය යුතුයි'' - ඇමති අනිල් ජයන්ත අවධාරණය කරයි

පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවට එක්වූ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය දිවයිනට පැමිණෙයි

පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවට එක්වූ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය දිවයිනට පැමිණෙයි