ප්ලාස්ටික් අර්බුදයට තිත..! විද්‍යාඥයින් සොයාගත් ප්ලාස්ටික් අනුභව කරන නවතම පණුවන් විශේෂය...(PHOTOS)

Australia
By Sewvandhi Jun 11, 2022 02:39 PM GMT
Sewvandhi

Sewvandhi

Report

ඕස්ට්‍රේලියාවේ ප්ලාස්ටික් අර්බුදය විසඳන 'සුපිරි පණුවන්' විශේෂයක් හඳුනාගෙන තිබෙනවා.  ඒ ක්වින්ස්ලන්ඩ් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයින් පිරිසක් විසින්.

සොෆෝබාස් මොරියෝ හෙවත් සුපිරි පණුවන් ලෙස හැඳින්වෙන මෙම පණු විශේෂය ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය කිරීම සඳහා ඉතා වැදගත්වන බවයි පර්යේෂණය නිරත වූ විද්‍යාඥයින් සඳහන් කර ඇත්තේ.

මෙම පණුවන්ගේ ශරීරයේ ඇති එන්සයිම ක්‍රියාකාරිත්වය අනුව මෙම ප්ලාස්ටික් පරිසර හිතකාමී තත්ත්වයට පත්කිරීමට හැකිවන බව ද එම විශ්ලේෂකයින් වැඩිදුරටත් පෙන්වා දී තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now


GalleryGalleryGallery