දැඩි අවධානම් රතු ලැයිස්තුවේ තිබූ ශාකයක් මෙරටින්...ශාකය නිසා අධිවේගී මාර්ගයක් වෙන පැත්තකට යයි?..

plant high-risk redlist
By Thaya Dec 25, 2020 11:17 AM GMT
Report

ලොවෙන්ම වඳවී ගොස් ඇතැයි සිතූ Crudia zeylanica ශාකය නැවතත් ගම්පහ දාරලුවෙ ජලාශ්‍රිත පද්ධතියක් තුලින් විශාල ශාකයක් හා කුඩා ශාකයක් ලෙස නැවතත් වාර්තා වි ඇති බව වනජීවී දෙපාර්තමේන්තුව දැනුම් දී තිබෙනවා. අවසන් වරට කළුතර දිස්ත්‍රික්කයෙන් 1911 වසරේ දී වාර්තා වූ මෙම Crudia zeylanica නම් ශාකය පසුව කපා දමා ඇති නිසා එය ලෝකයෙන්ම තුරන්වී ගිය ශාඛයක් ලෙස සලකනු ලැබුවා.

IUCN හි රතු ලයිස්තුවේ CR හෙවත් දැඩි අවධානම් ලෙස නම් වූ මේ ශාකය අධිවේගී මාර්ගය නිසා එතනින් ගලවා වෙනත් ස්ථානයක ප්‍රතිස්ථාපනයට වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තු අධ්‍යක්ෂවරයා කැමැත්ත පලකර ඇත. තවමත් වනසංරක්ෂණ දෙපාර්තමේන්තුව ඊට කැමැත්ත පල කර නැති බව පරිසර වේදීන් පෙන්වා දෙනවා.

මේ ගස හමු වූ පසු එම ස්ථානය පාරිසරික සංවේදී කලාපයක් කරන ලෙසත්, මධ්‍යම අධිවේගය එම ස්ථානයේදි වෙනත් අයුරකින් ගමන් කරවන ලෙසත් මෙන්ම ඒ ගස සංරක්ෂණය කරන ලෙසත් වනසංරක්ෂණ නිලධාරීන් හා පරිසරවේදීන් මෙන්ම සංරක්ෂණවේදීන් යෝජනා කල අතර වෙනත් රටවල් වල ගසක් රැක පාර වෙනත් තැනකින් ගිය අවස්ථා ඇති කල මෙවැනි සුවිශේෂී ශාකයක් ආරක්ෂා කරගැනීමට වඩා පාරක් ඒ හරහා යැවීමට කස කැවීමම මෙරට සංරක්ෂණය ගැන අවබෝධයක් ලබා ගැනීමට ඇතිය. මෙරටට තිරසාර සංවර්ධනය හෙවත් Sustainable Development යනු මාතෘකාවක් පමණක් බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

පාරිසරික තක්සේරු වාර්තා වලට අසු නොවුන පසුව අහඹුවකින් මෙරට පර්යේෂකයන් නිසා වාර්තා වූ ගස එසේ වාර්තා⁣ නොවී පාරට කැපී ගියේ නම් මෙලෙස දොම්නසක් අපට ඇති නොවනු ඇත.

සෙතිල් මුහන්දිරම්