දිල්ලි ගුවන්තොටුපළේ දී ගුවන් යානාවක ගින්නක්

Report

ඉන්දියාවේ දිල්ලි ජාත්‍යන්තර ගුවන්තොටුපළේ සිට ස්විට්සර්ලන්තයේ සූරිච් බලා ගමන් කිරීමට සූදානම් වූ ස්විස් ගුවන් සේවයට (SWISS) අයත් ගුවන් යානයක එන්ජිමක් ගිනි ගැනීමට ලක්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කර තිබේ .

තවද ඊයේ දින (26) අලුයම අලුයම 1:00ට පමණ මෙම සිදුවීම වාර්තා වූ බව සඳහන් වේ.

යානය ධාවන පථය ඔස්සේ ගුවන්ගත වීමට වේගයෙන් ගමන් කරමින් සිටියදී එහි එක් එන්ජිමක හදිසි කාර්මික දෝෂයක් හටගෙන තිබු අතර පසුව එන්ජිම ගිනිගෙන ඇත.

යානයේ වේගය පැයට සැතපුම් 104ක් පමණ වූ අවස්ථාවේදී ගුවන් නියමුවන් වහාම ක්‍රියාත්මක වී යානය නතර කිරීමට පියවර ගෙන ඇති බවද සඳහන් වේ.

 එම අවස්ථාවේ යානය තුළ මගීන් 232 දෙනෙකු සිට ඇති අතර ඔවුන් හදිසි දොරටු ඔස්සේ ඉවත් කිරීමට පියවර ගෙන ඇත.

ඊශ්‍රායල ප්‍රහාරයෙන් ලෙබනනයේ මරණ 14ක්

ඊශ්‍රායල ප්‍රහාරයෙන් ලෙබනනයේ මරණ 14ක්

කෙසේ වෙතත් මගීන් ඉවත් කිරීමේදී ඇති වූ තෙරපීම් සහ ලිස්සා යාම් නිසා මගීන් 06 දෙනෙකු සුළු තුවාල ලබා රෝහල් ගත කර තිබෙන බව වාර්තා වේ.