ප්‍රකට සංගීත නිෂ්පාදකයෙක් ඇතුළු 9දෙනෙකුට මරු කැදවූ විදෙස් ගුවන් යානා අනතුර (PHOTOS)

By Sewvandhi Dec 16, 2021 03:49 AM GMT
Sewvandhi

Sewvandhi

Report

පෞද්ගලික ගුවන්යානයක් කඩාවැටීමෙන් 9 දෙනෙක් මරණයට පත්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඩොමිනිකන් රාජ්‍යයේ ලාස් අමෙරිකාස් ගුවන්තොටුපොළට හදිසියේ ගොඩබස්සවමින් තිබූ ගුවන්යානයක් ඒ ආසන්නයේදී අනතුරට ලක්වීමෙන් එහි ගමන්කළ සියලුදෙනා මියගොස් තිබේ.

මියගිය පුද්ගලයින් අතර කාර්ය මණ්ඩලයේ තිදෙනෙක්ද වෙයි. මියගිය පිරිසෙන් 6 දෙනෙක් අමෙරිකානු ජාතිකයින්ය.

විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කර ඇත්තේ ප්‍රකට සංගීත නිෂ්පාදකයෙක් වන ජොසේ හර්නැන්ඩස්, ඔහුගේ බිරිඳ සහ දරුවාද එම අනතුරින් මියගොස් ඇති බවය.

ලතින් අමෙරිකාවේ සහ අමෙරිකාවේ ජනප්‍රිය ගීත කිහිපයක් ජොසේ හර්නැන්ඩස් විසින් නිර්මාණය කර තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery