ජනපති ඝාතන සැලසුමක්.. ජාත්‍යන්තර කොටියෙක් අත්අඩංගුවට

president LTTE M.A.Sumanthiran katar karna amman
By Sewvandhi Jul 14, 2021 10:01 AM GMT
Sewvandhi

Sewvandhi

Report

මෙරට ප‍්‍රභූ ඝාතනයක් සඳහා හිටපු කොටි සාමාජිකයන් යොදා ගෙන ඔවුනට අරමුදල් සැපයීම සම්බන්ධයෙන් කොටි සංවිධානයේ ජාත්‍යන්තර ජාලයේ ක්‍රියාකාරිකයෙකු ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ කටාර් රාජ්‍යයේ සිටියදී ජාත්‍යන්තර පොලිසියේ සහාය ඇතිවයි. මේ වන විට සැකකරු නිරෝධායනය සඳහා යොමු කර ඇති අතර එම කාලය අවසානයේ ඔහු ගෙන් ප්‍රශ්න කිරීමට නියමිතව ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්තිරන්, හිටපු කොටි නායක කරුණා අම්මාන් ඇතුළු දේශපාලන නායකයන් ඝාතනය කිරීම සඳහා උත්සාහයක් පැවති බව බුද්ධි අංශ විසින් හෙළිකර ගෙන තිබින.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


ReeCha