පියුමි කොරෝනා එන්නත හොරට ගහලා…? ඒ ප‍්‍රබලයෙකුගේ ලයිස්තුවට…??

Covid 19 Sri lanka covid vaccsine piyumi hansamali
By Sithumi Jun 05, 2021 06:34 PM GMT
Sithumi

Sithumi

Report

දැනට නිරෝධනයට ලක්කර සිටින නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලි විසින් අන්තර්ජාලයට මුදාහැර තිබෙන වීඩියෝවේ කරන ලද ප්‍රකාශයක් මත තවත් ගැටළුවක් පැන නැගී තිබේ.

ඇය එකී වීඩියෝවේ සඳහන් කරන්නේ තමන් කොරෝනා මර්ධන එන්නත ලබාගෙන සිටින බවයි.

නමුත් සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කරන්නේ මෙරට කොරෝනා එන්නත්කරණය සිදුකරන්නේය සෞඛ්‍ය හා ආරක්‍ෂක අංශ ඇතුළු ප‍්‍රමුඛ සේවා හැරුනු කොට වයස අවුරුදු 30 න් වැඩි පුද්ගලයන්ට බවයි.

නමුත් පියුමි හංසමාලි වයස අවුරුදු 28 ක් බවත් ඒ අනුව ඇය එන්නත් කරනය කලේ කෙසේ දැයි අන්තර්ජාල මාධ්‍ය කීපයක්ම ප‍්‍රශ්න කර ඇත. ඇය එන්නත් කරනු ලැබ ඇත්තේද ප්‍රබලයෙකුගේ ලයිස්තුවකින් යයිද එම වාර්තාවන්හි සඳහන් වෙයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....  
Join now