"ගණන් හදලා බලන්න.. කුඩු විකුණලා ද?. කළු සල්ලි සුදු කරල ද කියලා.." - කලබල නැති පියුමිට අද වෙච්ච දෙයක් මෙන්න..

Piumi Hansamali Sri Lankan Actress Actress Latest Headlines Decision Making
By krishani Jul 01, 2024 05:19 PM GMT
krishani

krishani

Report

ප්‍රසිද්ධ නිරූපන ශිල්පිනියක වන පියුමි හංසමාලි අද (01) නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටියේ ය.

"ගණන් හදලා බලන්න.. කුඩු විකුණලා ද?. කළු සල්ලි සුදු කරල ද කියලා.." - කලබල නැති පියුමිට අද වෙච්ච දෙයක් මෙන්න.. | Piyumi Hansamali

ඒ අනුව ඇයගෙන් අද ප්‍රකාශයක් සටහන් කරගැනීමක් සිදුකර නොමැත.

එම කොට්ඨාසය ඇයට දැනුම්දී ඇත්තේ ඒ සඳහා වෙනත් දිනයක් ලබාදෙන බව ය.

වහාම චක්‍රලේඛයක් නිකුත් කරයි.. 31 වෙනිදායි අවසන්.. - පාසල් සිසුන්ටයි මේ දැනුම්දීම..

වහාම චක්‍රලේඛයක් නිකුත් කරයි.. 31 වෙනිදායි අවසන්.. - පාසල් සිසුන්ටයි මේ දැනුම්දීම..


නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය ප්‍රසිද්ධ නිරූපන ශිල්පිනියක් වන පියුමි හංසමාලිගේ වත්කම් පිළිබඳ විමර්ශනයක් ආරම්භ කර තිබුණේ මගෙන් රටට සංවිධානයේ සභාපති සංජය මහවත්ත කළ පැමිණිල්ලකට අනුව වේ.

එයට අදාළව ජුනි 18 වනදා කොළඹ අංක 04 මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු දැක්වූ විමර්ශන නිලධාරින් කියා සිටියේ නිරූපන ශිල්පිනි පියුමි හංසමාලි රුපියල් ලක්ෂ 780ක් වැය කර හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා භාවිත කළ ජීප් රථය මිල දී ගෙන ඇති බව ය. 

එමෙන්ම, තවත් රුපියල් මිලියන 148ක මුදලක් වැය කර කොළඹ 7, වෝඩ් පෙදෙසේ පිහිටි සුඛෝපභෝගී නිවාස සංකීර්ණයකින් නිවසක් මිලදී ගෙන ඇති බවත් සඳහන් කර තිබෙනවා.

මෙරට දේශපාලනයේ සදා නොමැකෙන, දැවැන්තයෙක් ජීවන කතරට සමු දෙයි..(PHOTOS)

මෙරට දේශපාලනයේ සදා නොමැකෙන, දැවැන්තයෙක් ජීවන කතරට සමු දෙයි..(PHOTOS)


ඒ අනුව පියුමි හංසමාලි මෙරට ප්‍රධාන පෙළේ බැංකු 08ක පවත්වාගෙන යන ගිණුම් 19ක වාර්තා කැඳවීමට කොළඹ අංක 04 මහ‍ෙස්ත්‍රාත් මංජුල තිලකරත්න මහතා නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයට අවසර ලබා දී තිබුණේ ය.

මෙවැනි පසුබිමක එම විමර්ශනයට අදාළව නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබාදෙන ලෙස එම කොට්ඨාසය පියුමි හංසමාලිට දැනුම් දී ය.

රටම බලාගෙන ඉන්න, මීළඟ මිල සංශෝධනය.. ගෑස් මිලට කරන්න යන දෙය ගැන ලැබුණ ආරංචිය මෙන්න..

රටම බලාගෙන ඉන්න, මීළඟ මිල සංශෝධනය.. ගෑස් මිලට කරන්න යන දෙය ගැන ලැබුණ ආරංචිය මෙන්න..


එම ප්‍රකාශය ලබාදීම සඳහා අද පෙරවරුවේ ඇය එහි පැමිණියේ ය.

කෙසේ වෙතත්, ඒ අනුව අද නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය වෙත පැමිණ ආපසු පිටවයෑමේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය ඉඟි කර සිටියේ තම ව්‍යාපාරය වන රූපලාවණ්‍ය ආලේපන අලෙවියෙන් රුපියල් කෝටි 87 කට ආසන්න මුදලක් උපයාගෙන ඇති බව ය.