පින්න වල නිවුන් අලි පැටව් ප්‍රථම වරට දියට බැස්ස හැටි (VIDEO)

Pinnawaka eliphants Twin elephants
By Sithumi Jan 07, 2022 10:56 AM GMT
Sithumi

Sithumi

Report

පින්නවල අලි අනාථාගාරය තුළ ප‍්‍රථම වරට උපන් නිවුන් අලි පැටවුන් දෙදෙනා මා ඔයේ දිය නෑම සඳහා ඊයේ (06 දා) මුල් වරට රැගෙන යනු ලැබිණි.

එම අලි පැටවුන් දෙදෙනාගේ මව සුරංගි වන අතර ඇය ත‍්‍රිකුණාමලය සුරංගල් ග‍්‍රාමයෙන් හමු වී ඇත්තේ අවුරුද්දක් පමණ වයසේදී ය. ඇය 2009 මැයි 24 දා සිය පළමු දරු උපත ලෙස ‘කනක’ නම් අලි පැටියා බිහිකළාය. අනතුරුව 2021 අගෝස්තු 31 වැනිදා ඇය මෙම නිවුන් අලි පැටවුන් දෙදෙනා බිහිකර ඇත. අලි මව මේ වන විට 24 වැනි වියේ පසුවෙයි. 

පැටවුන් දෙදෙනා නිරෝගී සුවයෙන් පසුවන බවත්, සිය මව සමඟ පැටවුන් දෙදෙනා ඊයේ (06 දා) ප‍්‍රථම වතාවට මා ඔය වෙත දිය නෑම සඳහා රැුගෙන ගිය බවත් සත්වෝiාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් ෂර්මිලා රාජපක්‍ෂ මහත්මිය පවසයි..


ඒ දුර්ලභ වීඩියෝ දර්ශනය පහතින් නරඹන්න  



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now