වර්ජනයත් සමඟ අද රට පුරා පාසල් වලට සිදු වූ දේ මෙන්න..
වර්ජනය හේතුවෙන් අද (15) දිනයේ ක්‍රියාත්මක වන්නේ කාර්යාල දුම්රිය 10ක් පමණක් බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කළා.
කාර්යාලයීය දුම්රිය 13ක් අද දිනයේ ධාවනය කිරීමට සැලසුම් කර තිබුණද ඉන් දෙකක් අවලංගු කෙරුණු බවයි දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා අද පෙරවරුවේ ප්‍රකාශ කළේ.
කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිටින අප වාර්තාකරු සඳහන් කළේ, දුම්රිය ස්ථානය ආරක්ෂාව තර කර ඇති නමුත් මේ වන විට එහි පාළු ස්වභාවයක් පවතින බවයි.
සෙසු දුම්රිය ස්ථානවලටද ආරක්ෂාව ලබා දී ඇති බවයි අප ප්‍රාදේශීය වාර්තාකරුවන් ප්‍රකාශ කළේ.
කෙසේවෙතත් පෞද්ගලික බස් රථ සහ ලංගම බස් රථ නියමිත පරිදි ධාවන කටයුතු සිදු කරනවා.
එමෙන්ම විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් අද පාසල්වලට වාර්තා නොකරන බවට පෙර දැනුම් දීමත් සමඟ දරුවන් පාසැල්වලට පැමිණීමද කැපී පෙනෙන ලෙස අඩු වී තිබෙනවා.
කොළඹ ප්‍රධාන පෙළේ පාසල් අසල සිටින අප වාර්තාකරුවන් සඳහන් කළේ, වෙනත් දිනවලට කාර්යබහුල ස්ථානයක් වන පාසල් අසල මේ වන විට පාළු ස්වභාවයක් ගෙන ඇති බවයි.
සෙසු පළාත්වලද එම තත්ත්වය දක්නට ලැබෙන බවයි අප වාර්තාකරුවන් කියා සිටියේ.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |
ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්, ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න. යන ඔබට වාසි රැසක්.
වැඩි විස්තර මෙතැනින් බලන්න.
