විදුලි බිලට එරෙහි වෙමින් පිරිසක් පාරට බහියි..

Sri Lanka Sri Lanka Electricity Prices
By krishani Feb 28, 2023 06:08 AM GMT
krishani

krishani

Report

ඊයේ (27) රාත්‍රියේ කැකිරාව නගරයේ දී ප්‍රදේශවාසීන් විදුලි බිල් පුලුස්සා, පන්දම් දල්වා විරෝධතාවයක නිරත වී තිබිණ.

ඒ ජනතාව මත බර පටවා දරා ගත නොහැකි ලෙස වැඩිකර ඇති විදුලි බිල වහාම අඩුකරන ලෙස ආණ්ඩුවට බල කරමින් ය.

පැයකට අධික කාලයක් පැවැති එම විරෝධතාවයට එක් වූ පිරිස විරෝධතා පුවරු ප්‍රදර්ශණය කරමින්, විරෝධතා පාඨ කියමින්, පන්දම් දල්වාගෙන විරෝධතාවය පැමට කටයුතු කළේ ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join