දැවැන්ත විරෝධතාවයක් - අදත් කොළඹට කුමක් වෙයිද?.

Colombo SL Protest
By krishani Feb 22, 2023 05:04 AM GMT
krishani

krishani

Report

අද (22) දින, ආණ්ඩුව විසින් හඳුන්වා දී ඇති බදු සංශෝධනයට එරෙහිව විරෝධතාවක් සංවිධානය කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

එම විරෝධතාවට සෙසු වෘත්තීය සමිති නියෝජනය කරන පාර්ශව කිහිපයක් ද එක් වීමට නියමිත බව එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පැවසීය.

"වත්මන් ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කරන අසාධාරණ බදු සංශෝධන ආපසු හරවලා, ඒ වෙනුවට සාධාරණ බදු ප්‍රතිපත්තියක් ගෙන ඒමට බලකරමින් අද දවසේ දී මේ රටේ සියලුම වෘත්තීයවේදීන්, ඒවගේම සියලුම කේෂ්ත්‍රයන්ට අදාළ අනෙකුත් සියලු වෘත්තීය කාණ්ඩවල නියෝජිතයින් දහස් ගණනක් කොළඹ කොටුව දුම්රිය ඉදිරිපිට දවල් 12 - 1 දක්වා පැවැත්වෙන දැවැන්ත උද්ඝෝෂණයට එක්වෙන්න නියමිතයි.අද දවස ජාතික විරෝධතා දිනයක් ලෙස ද නම් කරලා තියෙනවා. මේ අසාධාරණ බදු ප්‍රතිපත්තියට සහ මේ ආණ්ඩුවේ අසාධාරණ වැඩපිළිවෙලට එරෙහිව."


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join