රාජ්‍ය සේවකයින් පිරිසක් කොළඹට එයි - විශේෂ සමුළුවක් ඒ අතර..
Sri Lanka
SL Protest
Ceylon Electricity Board
By krishani
අද (21) විදුලිබල මණ්ඩලය විකිණීමට විරෝධය පළ කිරීම සඳහා සියලුම සේවකයින් කොළඹට කැඳවා ඇති බව ලංකා විදුලි සේවක සංගමය සඳහන් කළේ ය.
අද දහවල් 1.00 විහාර මහාදේවි උද්‍යානයේ දී විශේෂ සමුළුවක් පවත්වා ඊට එරෙහිව ඉදිරියේ දී ගනු ලබන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණෙන බව එහි සභාපති රන්ජන් ජයලාල් පැවසීය.
එයට ප්‍රධාන හේතුව ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය කර පෞද්ගලික සමාගම් 15කට විකුණන්න ආණ්ඩුවේ සුදානම වේ.
අඛණ්ඩ වැඩවර්ජනයකට යෑම සඳහා වන යෝජනාවක් අද සමුළුවේදී සම්මත කරගැනීමට නියමිත අතර අද සමුළුවට ලංකා විදුලිබල මණ්ඩලයේ අත්‍යාවශ්‍ය බිඳවැටීම් හා බලාගාර පවත්වාගෙන යන සේවකයින් හැර සියලුදෙනා ලෙඩ නිවාඩු වාර්තා කර කොළඹ විහාරමහාදේවි රංගපීඨයට පැමිණීමට නියමිතයි.