අධිකරණය ප්‍රතික්ෂේප කළ පොලිසියේ ඉල්ලීම.

Sri Lanka Police Sri Lanka
By krishani මාස 1 කට පෙර
krishani

krishani

Report

අද (08) පස්වරුවේ, රජයේ නව බදු ප්‍රතිපත්තියට එරෙහිව වරාය, ඛනිජ තෙල්, වෛද්‍ය ඇතුළු වෘත්තිය සමිති එකමුතුව පැවැත්වීමට සැළසුම් කර ඇති උද්ඝෝෂණය හා විරෝධතා පාගමන වැළක්වීමට පොලිසිය සිදු කළ ඉල්ලීමක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කර ඇත.

ඒ බෞද්ධාලෝක මාවත, කොබ්බෑකඩුව මාවත, මහගමසේකර මාවත, තර්ස්ටන් පාර, අර්නස්ට් ද සිල්වා මාවත ඇතුළු මාර්ග කිහිපයකට ඇතුළු වීම වැළක්වීමේ නියෝගයක නිකුත් කරන ලෙස කුරුඳුවත්ත පොලිසිය සිදු කළ ඉල්ලීමක් ය.

කොළඹට පිවිස මාර්ග කිහිපයක් ඔස්සේ විහාරමහාදේවී උද්‍යානයට පැමිණ මහජන පීඩාවක් ඇතිවන අයුරින් උද්ඝෝෂණයේ නිරත වීමට සැළසුම් කර ඇති බවට බුද්ධි තොරතුරු ලැබී ඇති බැවින් මෙම විරෝධතා වැළක්වීම සඳහා නියෝගයක් නිකුත් කරන මෙන් පොලිසිය අධිකරණයෙන් ඉල්ලා තිබූණේ ය.

එයට අධිකරණයේ නියෝග අවශ්‍ය නොවන බවත් මහජන පීඩාවක් ඇති වන්නේ නම් එහි දී පොලිස් බලතල අනුව කටයුතු කරන ලෙසත් පෙන්වාදුන් මහේස්ත්‍රාත්වරයා පොලිසියට අවවාද කර ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join