තරුණියන් 5ගේ ඡායාරූප වලට නිරුවත් කාන්තා රූප කොටස් බද්ධ කළ ඡායාරූප ශිල්පියෙකුට ලැබුණු දඬුවම.

Sri Lanka Police Sri Lanka Photoshoot
By Wayomi Aug 26, 2023 05:32 PM GMT
Wayomi

Wayomi

Report

තරුණියන් පස් දෙනෙකුගේ ඡායාරූප වලට නිරුවත් කාන්තා ඡායාරූප කොටස් බද්ධ කර අන්තර්ජාලයට මුදා හැර ඇති බව කියන සැකකාර ඡායාරූප ශිල්පියෙකු බවට සඳහන් පුද්ගලයෙකු සැප්තැම්බර් මස 06වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ රඳවා තැබීමට අත්තනගල්ල අංක 02 මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා පෙරේදා (23දා) පස්වරුවේ නියෝග කළා .

නිට්ටඹුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු එසේ රිමාන්ඩ් භාරයට පත් කෙරිණි.

 අදාළ සිද්ධිය සම්බන්ධව නිට්ටඹුව පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශය මගින් පරීක්ෂණ පවත්වා සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණි.

මොහු එම බද්ධ කරන ලද ඡායාරූප මොහුගේ ජංගම දුරකථනයක් මගින් අන්තර්ජාලයට මුදා හැර ඇති බවත් පොලීසිය අධිකරණයට දැන්වීය.

එසේ අත්අඩංගුවට ගෙන ඇති එම ජංගම දුරකථනය මහේස්ත්‍රාත්වරයා අතට පත් කිරීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා එය පරික්ෂා කර බලා එසේ සැකකරු රිමාන්ඩ් භාරයේ රදවා තැබීමට නියෝග කළේය.

මේ අතර සැකකරු රාගම රෝහලේ මානසික වෛද්‍යවරයකු වෙත ඉදිරිපත් කර වෛද්‍ය පරීක්ෂණයකට භාජන කර ඊළඟ දිනයේ ඒ පිළිබඳ වෛද්‍ය වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ද බන්ධනාගාර නිලධාරීන්ට නියෝග කළේය. නැවත කැදවීම සැප්තැම්බර් මස 06වැනිදාට කල් තැබිණි.

නිට්ටඹුව පොලීසියේ නඩු මෙහෙයුම් අංශයේ පොලිස් සැරයන්වරුන් වන එච්. ආර්.එස්. කුමාර හා සමන්තිලක යන මහත්වරු පැමිණිල්ල මෙහෙය වූහ.

ReeCha