මෙතනින් එහාට උත්සවය නෑ -PHI සිංහබාහු..?(VIDEO)

PHI Covid19 Beruwala padagoda sinhabahu
By Sithumi Aug 01, 2021 11:22 AM GMT
Sithumi

Sithumi

Report



බේරුවල පාදගොඩ ප්‍රදේශයේ නිවසක සෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංඝනය කරමින් පැවැත්වීමට සූදානම් වූ උත්සවයක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ මැදිහත්වීමෙන් නතර කර තිබේ.

අදාළ නිවසේ සියලු පුද්ගලයින් නිරෝධායනයට යොමු කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පියවර ගෙන ඇති අතර නිවෙස් හිමියාට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව දැවුම් දී ඇත.

නිවසේ අද (01) දිනයේ මල්වර උත්සවයක් පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබී ඇති අතර පුද්ගලයින් 200කට පමණ ආහාර සූදානම් කර තිබූ බව  වාර්තාකරු පැවසීය. මේ

සම්බන්ධයෙන් ලද තොරතුරක් මත ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුවන් පැමිණ එම උත්සවය නතර කිරීමට පියවර ගෙන තිබේ.

එම අවස්ථාවට කළුතර ප්‍රාදේශීය පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ආර්. ජී. සිංහබාහු මහතා ද එක්ව සිටි අතර ඔහු විසින් උත්සවය සංවිධානය කළ පුද්ගලයාට අවවාද කර සිටියේය.

"වහාම උත්සවය නවත්තන්න. දැන් නවත්වන්න ඕනේ. මෙතනින් එහාට උත්සව නෑ. ඔයාව කොහොමත් අපි අධිකරණයට ඉදිරිපත් කරනවා. සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අවසරයකින් තොරව ඔයා මෙවැනි උත්සවයක් පැවැත්වීම. උයපු කෙනාට වෙනම දානවා. මේ ඔක්කෝටම දානවා. උත්සවය පවත්වමින් හිටියා නම් ආපු සියලුදෙනාටම නිරෝධායනයට දානවා අපි. හොඳ වෙලාවට සෙනඟ එන්න කලින් අපි මෙතනට ආවේ. ඔයාගේ ගෙදර අය අනිවාර්යයෙන් ඇන්ටිජන් එකක් හෙට කරගන්න."

බේරුවල පයාගල ප්‍රදේශයේ පැවැත්වීමට සූදානම් කර තිබූ මෙවැනිම උත්සවයක් හේතුවෙන් කොවිඩ් ආසාදිතයින් 85 දෙනෙකු හඳුනාගැනිමේ සිදුවීමක් මීට පෙර වාර්තා විය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now