සංචරණ සීමා ලිහිල් කිරීම භයානකයි - PHI සංගමය අනතුරු අගවයි.(VIDEO)
සංචරණ සීමා හා සෞඛ්‍ය නිර්ණායක ලිහිල් කිරීමට සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන ඇත්තේ කිසියම් බලපෑමකට යටත්ව ද යන්න පිළිබඳ සැකයක් මතුවන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි.
ඔහු ප්‍රකාශ කළේ, ඔමික්‍රෝන් ඇතුළු වෛරස් ප්‍රභේද ව්‍යාප්තිය ඉහළ ගොස් ඇති තත්ත්වය තුළ රට ඉදිරියේදී අර්බුදයකට ලක්වනු ඇති බවය. මේ පිළිබඳ වැඩිදුරටත් උපුල් රෝහණ මහතා,
"ඔමික්‍රෝන් ආසාදිතයින් ලංකාව තුළ හමුවෙද්දි උත්සව සමයේ දී මහජනතාව සෞඛ්‍ය උපදෙස් නොතකමින් කටයුතු කරද්දි විශාල අවධානමක රට තියෙද්දි තවදුරටත් මේ සංචරණ සීමා සහ නිරෝධායන නීති ලිහිල් කිරීම කෙතරම් දුරට සාධාරණ ද සහ ප්‍රායෝගික ද කියන එක පිළිබඳ බරපතළ ගැටලුවක් නිර්මාණය වෙනවා.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ සෞඛ්‍ය බලධාරීන් මේ ලිහිල් කිරීම සිද්ධ කරේ ඇත්තටම කොවිඩ් -19 වසංගතයේ දත්ත පදනම් කරගෙන ද එහෙම නැත්නම් වෙනත් කාගේ හරි බලපෑමකට කියන බරපතළ ගැටලුවක් අපිටත් නිර්මාණය වෙලා තියෙනවා.
කෙසේවෙතත් ඉදිරියේ දී රට තුළ කොවිඩ් -19 වසංගතය නිසා ව්‍යවසනයක් නිර්මාණය වීමට නියමිතයි. මේ තත්ත්වය යටතේ මහජනතාව උත්සව සමය සමරලා අවසන් වු වහාම රෝගීන් විශාල වශයෙන් වාර්තා වෙන්න පටන් ගනී. මේ වෙද්දිත් ජනමාධ්‍ය හා නිල වශයෙන් වාර්තා කරන සංඛ්‍යා ලේඛනවලට වැඩිය විශාල රෝගීන් සංඛ්‍යාවක් බිම් මට්ටමින් වාර්තා වෙනවා."
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
