18ට වැඩි සියලු දෙනාට තුන්වන මාත්‍රාවට ෆයිසර් දෙන්න අනුමැතිය ලැබේ?..
Covid
Sri Lanka
World
Pfizer vaccines
By Aruna
ෆයිසර් එන්නත අවුරුදු 18ට වැඩි සියලු දෙනාට තුන්වන මාත්‍රාව ලෙස හදිසි භාවිතය සදහා අවසර දෙන්නැයි නිෂ්පාදිත සමාගම විසින් ඇමරිකානු ඖෂධ පාලන අධිකාරියෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
දැනට එම එන්නත පළමු සහ දෙවන මාත්‍රාවක් ලෙස වයස අවුරුදු 5ට වැඩි සියලු දෙනා සඳහා ඇමරිකාව ඇතුළු රටවල් ගණනාවක භාවිතා කරන අතර මෙතෙක් කල් තුන්වන මාත්‍රාව ලෙස එය භාවිතා කරනු ලැබුවේ 60ට වැඩි පුද්ගලයින් සදහා පමණයි.
ලොව පුරා කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව යළි ඉහළ යමින් පවතින අතර ගත වූ පැය 24රේ ලොව පුරා කොරෝනා මරණ 7479ක් සහ ආසාදිතයින් හාරලක්ෂ 51,890ක් වාර්තා වුණා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
