හෝටල් 05ක් වසා දමයි..!
Sri Lanka
Ministry of Health Sri Lanka
Sri Lanka Police Investigation
By Sewvandhi
මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය විසින් පිටකොටුව ඕල්කට් මාවත ආශ්‍රිතව පවත්වාගෙන ගිය හෝටල් 05 වසා දැමීමට අධිකරණය නියෝග කර තිබේ.
කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි විශේෂඥ වෛද්‍ය රුවන් විජයමුණි මහතාගේ උපදෙස් පරිදි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් පිටකොටුව ඕල්කට් මාවතේ පිහිටි හෝටල් ආශ්‍රිතව විශේෂ පරීක්ෂාවක් සිදුකර තිබුණා.
ඉන්පසුව මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව මෙලෙස දැඩිලෙස අපිරිසිදු හෝටල් 05ක් වසා දමන ලෙසට අධිකරණය නියෝග කර ඇත.
කොළඹ ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක K A අබේරත්න, කොටුව මහජන සෞඛ්‍ය පරීක්ෂක ඩබ්ලිව්. ඩී.ටී. වික්‍රමරත්න ඇතුළු මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් පිරිසක් විසින් මෙම වැටලීම සිදුකර ඇත.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |
