පෙට්‍රල් ත්‍රිරෝද රථ විදුලි වාහන බවට පරිවර්තනය කරන්නාවූ රාජ්‍ය වැඩසටහන අරඹයි
විද්‍යා හා තාක්ෂණ අමාත්‍යයාංශය යටතේ ක්‍රියාත්මක වන ජාතික ඉංජිනේරු පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේ (නර්ඩ්) ඉංජිනේරුවන්ගේ පර්යේෂණ දැනුමෙන් පෙට්‍රල් බලයෙන් ක්‍රියාත්මක වන පැරණි ත්‍රිරෝද රථ විදුලි බලයෙන් ධාවනය වන වාහන (EV) බවට පරිවර්තන වැඩසටහන පසුගිය දා ආරම්භ විය.
ඒ විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ක්‍රිෂාන්ත අබේසේන මහතාගේ ප්‍රධානත්වයෙනි.
ඒ වගේම නර්ඩ් ආයතනයේ සභාපති ආචාර්ය චිත්‍රාල් අඹවත්ත, අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ජයතු සමරවික්‍රම, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් (පර්යේෂණ) ගීතානි කුරුප්පුආරච්චි යන මහත්ම මහත්මීන් ඇතුළු ඉංජිනේරුවරුන්, තාක්ෂණලාභීන් පිරිසක් ද මේ අවස්ථාව සදහා සහභාගී වී තිබුණි.
නර්ඩ් පර්යේෂණ කණ්ඩායමක් විසින් මෙම නවීන තාක්ෂණ ක්‍රමවේදය පිළිබඳ පර්යේෂණ මෙහෙයවීම් කටයුතු සිදු කර ඇත.
තවද බොහෝ කලක් තිස්සේ සිදු කළ පර්යේෂණ වලින් පසුව ත්‍රිරෝද රථය කිලෝ වොට් 5ක මෝටරයකින් සහ කිලෝ වොට් 7ක බැටරියකින් බල ගැන්වෙන ලෙස නිර්මාණය කර තිබේ .
එම ඉංජිනේරුවන් සදහන් කරන්නේ මෙම රථය එක් වරක් ආරෝපණය කිරීමෙන් කිලෝමීටර් 125ක දුරක් ධාවනය කිරීමට හැකියාව ඇති බවයි