උසස් පෙළ ආර්ථික විද්‍යාව ප්‍රශ්න පත්‍රය පිටවෙලා ද - කරන්න යන දේ මෙන්න
මේ වනවිට පැවැත්වෙන අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ආර්ථික විද්‍යාව ප්‍රශ්න පත්‍ර පිටවී ඇති බවට කතිකාවක් නිර්මාණය වී තිබේ.
ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරගෙන තිබේ. අද (25) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය නලින් ජයතිස්ස මහතා එලෙස ප්‍රකාශ කළේය.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, ලද තොරතුරු මත පදනම්ව මෙම පරීක්ෂණය සිදුකරන බවයි. ආර්ථික විද්‍යා ප්‍රශ්න පත්‍රය විභාගයට පෙර අනුමාන ප්‍රශ්න ලබාදීම හේතුවෙන් පිටවී ඇති බව සමාජ මාධ්‍ය තුළ දැඩි ලෙස කතාබහට ලක්වී ඇත.
ඒ අනුව මේ සම්බන්ධයෙන් ගුරු වෘත්තීය සමිති කිහිපයක්ද අදහස් පළ කර තිබේ.