සීතාවක හටන ඇවිලෙන්නත් කළින් නිවෙයි, සාරාංගිකාට එරෙහි පෙත්සම නිෂ්ප්‍රභයි

Report

 සීතාවක ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා සහ උප සභාපතිවරයා තෝරාගැනීම වෙනුවෙන් රහස් ඡන්දයක් පැවැත්වීම වළක්වාලමින් බස්නාහිර පළාත් පාලන කොමසාරිස් සාරංගිකා ජයසුන්දර මහත්මිය වෙත අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනු කළ පෙත්සමක් විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කිරීමට තීන්දු කර ඇති බව වාර්තා වේ.

අද සිට රාජ්‍ය සේවකයන්ගේ වැටුපෙන් 1/30ක් කප‍යි

අද සිට රාජ්‍ය සේවකයන්ගේ වැටුපෙන් 1/30ක් කප‍යි

අඳාළ පෙත්සම එම ප්‍රාදේශීය සභාවේ විපක්ෂ මන්ත්‍රීවරුන් ඉදිරිපත් කර තිබුණා.

ඒ අනුව මෙම තීන්දුව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහන්ත අබේසුරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගේ සමන්විත විනිසුරු මඬුල්ලෙන් ලබා දී තිබෙනවා.

තිරිසන් වැඩ කරන්න එපා..අවජාතක දරැවා කාගෙද? වහාම අත්අඩංගුවට ගන්න කියලා කට ගන්න හම්බුන් නෑ මදැයි පියුමිට වුණ වැඩක්

තිරිසන් වැඩ කරන්න එපා..අවජාතක දරැවා කාගෙද? වහාම අත්අඩංගුවට ගන්න කියලා කට ගන්න හම්බුන් නෑ මදැයි පියුමිට වුණ වැඩක්

එසේම මෙම කරුණට අදාළව මාවතගම සහ සීතාවක නගර සභා සඳහා ඉදිරිපත් කෙරුණු පෙත්සම් ද නිෂ්ප්‍රභ කර ඇති බව පවසයි.

එසේම සීතාවක ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයෙක් පත් කර ගැනීමට මින් පෙර උත්සාහයන් දැරුවත් විපක්ෂ මන්ත්‍රීවරුන් සභාවෙන් ඉවත් වීම නිසා ගණ පූරණය නැතිව සභාව පිහිටුවීම කල් ගොස් තිබෙනවා.

මීට පස්සේ ගුරු විදුහල්පති ස්ථාන මාරු දෙන්නේ මෙහෙමයි, අගමැතිනියගෙන් උපදෙස්

මීට පස්සේ ගුරු විදුහල්පති ස්ථාන මාරු දෙන්නේ මෙහෙමයි, අගමැතිනියගෙන් උපදෙස්