පැමිණිල්ලක් විභාග කිරීමට පැමිණෙන්නැයි දැනුම් දීමට ගිය පොලිස් නිළධාරියෙකුට කරපු දෙයක්..
පොලිස් හදිසි ඇමතුම් අංශයට ලද පැමිණිල්ලක් විභාග කිරීමට පැමිණෙන්නැයි දැනුම් දීමට ගිය පොලිස් නිළධාරියෙකුට කඩුවකින් පහරදී ඇති බව වාර්තා වනවා.
ඊයේ දින (03) පස්වරුවේ මේ සිදුවීම වාර්තා වූ බවයි පානදුර දකුණ පොලිසිය පවසන්නේ.
එම පොලිසියේ රථවාහන අංශ රාජකාරියේ නිරත නිළධාරියෙකු මෙම අමානුෂික පහරකෑමට ලක්ව තිබෙන බවත් ඔහු දැනට පානදුර මූලික රෝහලේ ප්රතිකාර ලබන බවයි පොලිසිය පැවසුවේ.
පහරකෑමෙන් නිළධාරියාගේ ගෙල සහ වම් අතට තුවාල සිදුව ඇති බවයි රෝහල් ප්රකාශකයෙක් කියා සිටියේ. මේ අතර පහරදුන් තැනැත්තා හා ඊට යොදාගත් බව කියන කඩුවද පොලිස් භාරයට ගෙන තිබෙනවා.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුර, එළුවිල ප්රදේශයේ පදිංචි පුද්ගලයෙක්. සැකකරු පානදුර මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත බවයි පොලිසිය පැවසුවේ.
පානදුර දකුණ පොලිසියේ අපරාධ අංශ නිළධාරීන් වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.