අකුණු ගහන වෙලාවට එළියට යන එකේ භායනකකම.- යතුරුපැදියේ ගිය පසුපැදිකරුට අත්වූ අවාසනාවත ඉරණම .
Sri Lanka Police
Death
Weather
By Wayomi
ඊයේ (07) සවස් කාලයේදී යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකුගෙන් පසුපැදිකරුට අකුණු සැර වැදී තිබෙනවා.
එම සිද්ධියෙන් පසුපැදිකරු මියගොස් ඇති අතර පොලීසිය සඳහන් කළේ යතුරුපැදිකරුට තුවාල සිදුවී නොමැති බවයි.
එරාවූර් පොලිස් වසමේ පෙරුමේලි කණ්ඩන් ප්රදේශයේදී අකුණු සැර වැදීමක් හේතුවෙන් පුද්ගලයෙකු මියගොස් ඇති බවට එරාවූර් පොලීසියට ලද තොරතුරක් මත සිද්ධිය ගැන විමර්ශන ආරම්භ කළා.
එලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 57ක් වූ වන්දාරමුල්ල ප්රදේශයේ පදිංචිකරුවෙක්.
ඔවුන් දෙදෙනා උප්පෝඩය ප්රදේශයේදී කුඹුරට ගොස් යතුරුපැදියෙන් නැවත නිවසට එමින් සිටියදී මෙම අනතුර සිදුවී ඇත.