"කිඹුලා ඇලේ ගුණා"ට අයත් හෙරොයින් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

arrest colombo heroin kubula ale guna adhuruppu street
By Sewvandhi Jul 18, 2021 12:56 AM GMT
Sewvandhi

Sewvandhi

Report

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන "කිඹුලා ඇලේ ගුණා"ට අයත් රුපියල් කෝටි 12කට වැඩි වටිනාකමින් යුත් හෙරොයින් කිලෝග්‍රෑම් 12ක් සමඟ පුද්ගලයෙකු කොළඹ ආදුරුප්පු වීථියේදී විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගැනේ. 

මෙම මත්ද්‍රව්‍ය වල වටිනාකම රුපියල් කෝටි 12කට අධික වන බවටයි අනාවරණය වී ඇත්තේ.

විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දරගේ උපදෙස් මත අද පස්වරුවේ ආදුරුප්පුවීදිය ප්‍රදේශයේදී මෙම වැටලීම සිදුකර තිබෙනවා.

කිඹුලාඇලේ ගුණා නම් සැකකරු මේ වන විට ඉන්දියාවේ රක්ෂිත බන්ධනාගාර ගතව පසුවනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


ReeCha