බැංකු හා ලීසිං හරහා ජනතා මුදල් මංකොල්ලකන අලුත්ම ක්‍රමයක් ගැන හෙළිදරව්වක්.(VIDEO)

Sri Lanka Banks Leasen Asanka Ruwan pothupitiya
By Aruna Nov 07, 2021 08:10 AM GMT
Aruna

Aruna

Report

බැංකු හා ලීසිං හරහා ජනතා මුදල් මංකොල්ලකන ක්‍රමයක් පිළිබඳව නවතම හෙළිදරව්වක් කර තිබෙනවා.

මෙහිදී අදහස් දැක්වූ එම සංගමයේ ප්‍රධාන ලේකම්, අසංක රුවන් පොතුපිටිය මහතා..,

“ඔක්තෝම්බර් මස 06 වන දින මහ බැංකුව චක්‍ර ලේඛනයක් නිකුත් කලා.

මේක නිකුත් කර තිබුනේ ජනතාවට සහන ලබා දෙන පවසායි. නමුත් මීට පෙර ඉදිරිපත් කල චක්‍රලේඛ වල තිබුනු පොලී අනුපාතයට වඩා මෙම චක්‍රලේඛයේ පොලි අනූපාතය වැඩි කරලා.

මේක විහිලුවක්. කබ්‍රාල් මහත්තයා මේ නටන පිස්සුව මොකක්ද කියලා අපි අහනවා.

මේ රටේ කිසිම බැංකුවක් හෝ ලීසිං ආයතනයක් ජනතාවට කිසිම සහනයක් ලබා දී නැහැ. නොවැ: 01 දා මේ රට විවෘත කලේ.

නමුත් ලීසිං ආයතන ජනතාවට සහන දීලා නෑ. කොවිඩ් නිසා ජනතාව අසරණ වෙලා ඉන්නේ.

මූල්‍ය ආයතන ජනතාවට බලපෑම් කරනවා. කිසිම සහනයක් ලබා දී නැහැ.

අද ජනතාව සිය දිවි නසා ගන්නවා. ණය ගෙවාගන්න බැරුව මිනිස්සු අසරණ වෙලා. මහ බැංකුවේ පිලිවෙත නිසා ජනතාව අසරණ වෙලා.

මහ බැංකුව කියපු කිසිම සහනයක් මේ මූල්‍ය ආයතන ලබා දී නැහැ. දඩ පොලිය කපා හැරලා බැහැ. ජනතාව තව දුරටත් රැවැට්ටිය යුතු නැහැ.

මහ බැංකුව විසින් විහිලු සහගත චක්‍රලේඛ ගහලා ජනතාව රවට්ටවන්න එපා යැයි අපි මහ බැංකු අධිපතිට කියනවා. දැන් යලිත් කොවිඩ් වැඩි වෙලා.

ජනතාවට ව්‍යාපාර කරගන්න බැහ. ව්‍යාපාර ශක්තිමත් කර ගැනීමට අවශ්‍ය සහය මහ බැංකුව ලබා දිය යුතුයි. බැංකු හා ලීසිං මාෆියාව හරහා ජනතා මුදල් මංකොල්ල කෑම වහාම නතර කල යුතුයි.

එහෙත් මේ හැම මාෆියාවක්ම දැකලත් ජනාධිපති නිහඩයි. මහ බැංකුව චීනයේ අසාදු ලේඛන ගත වෙලා. ජනතාවට නිසි සහන ලැබුනේ නැත්නම් රට පුරා අපි විරෝධතා කරනවා.

ජනතාවගෙන් තමයි ගන්න වෙන්නේ කියලා මුදල් ඇමති කිව්වා. මේ වගේ කෙනෙක්ගෙන් සහන බලාපොරොත්තු වෙන්න බැහැ.

මේ මුදල් ඇමතිත් පත් වෙලා විශාල කාලයක් වෙනවා.නමුත් අද වෙනකම් මේ මූල්‍ය ප්‍රශ්න සම්බන්ධයෙන් කතා කරන්න එක සාකච්ඡාවක් ලබා දී නැහැ.

මේ රජයෙන් සහන බලාපොරොත්තු වෙන්න බෑ.”


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha