ශ්‍රී ලංකාවේ ජනතාවගේ ආයු අපේක්ෂාව ගැන සතුටුදායක ආරංචියක්..

Dr Ramesh Pathirana Ministry of Health Sri Lanka National Health Service
By Aruna Jan 11, 2024 06:57 AM GMT
Aruna

Aruna

Report

ශ්‍රී ලංකාවේ පුද්ගලයෙකුගේ ආයු අපේක්ෂාව 53% කින් ඉහළ ගොස් තිබෙන බව වාර්තා වනවා.

මේ වන විට පුද්ගලයෙකුගේ ආයු අපේක්ෂාව අවුරුදු 78 ක් බවයි, සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසුවේ.

එහෙත්, වෛද්‍ය රමේෂ් පතිරණ මහතා ප්‍රකාශ කළේ, 1948 වසරේ දී ඉංග්‍රිසීන්ගෙන් නිදහස ලබන විට පුද්ගලයෙකුගේ ආයු අපේක්ෂාව අවුරුදු 42 ක් බවයි.

අමාත්‍යවරයා පෙන්වාදුන්නේ, එය මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය වසර ගණනක් යහපත් භෞතික සහ මානව සම්පත් මඟින් මිලියන ගණනකට විශිෂ්ඨ සේවයක් ලබාදීමේ ප්‍රතිඵලයක් බවයි.

එම නිසා විවිධ පාර්ශව මෙරට සෞඛ්‍ය සේවයේ විශ්වාසය බිඳදැමීම සාධාරණ නොවන බවයි සෞඛ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේ.

Sponlsored By Sarrita Jewellery

ශ්‍රී ලංකාවේ ජනතාවගේ ආයු අපේක්ෂාව ගැන සතුටුදායක ආරංචියක්.. | People S Life Expectancy Is Up

ReeCha