"ඇදේට යන මිනිස්සු ලඹේට බලනවා අපි යන්නේ කෙලින් ද කියලා" - අනතුරට පත් බස් රථයේ තිබු සටහනක්

Lambe
By Thaya Mar 23, 2021 06:18 PM GMT
Thaya

Thaya

Report

පස්සර 13 කණුව ප්‍රදේශයේ දී පසුගිය දා ප්‍රපාතයට පෙරළී ගිය බස් රථය ගොඩට ගැනීම තාවකාලිකව නවතා දමා තිබේ. ඊයේ (22) සවස වන විට එම ප්‍රදේශයට ඇඳ හැලුණු අධික වර්ෂාව හේතුවෙන් එම කටයුත්ත නවතා දැමු බවය. බස් රථයේ හිමිකරුවන් විසින් බසය ගොඩට ගැනීමට මහත් පරිශ්‍රමයක් දැරූව ද අඩි 250ක පමණ ප්‍රපාතයේ සිරවී ඇති බස් රථය ගොඩ ගැනීම අසීරු කර්තවයක් වී තිබේ. පසුගිය මාර්තු මස 20 වන දින උදෑසන කොළඹ සිට ලුණුගල දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් පස්සර ප්‍රධාන මාර්ගයේ 13 කණුව අසලදී අඩි 250ක පමණ ප්‍රපාතයකට පෙරළී යාමෙන් එම අනතුර සිදුවුණි.

අනතුරින් පුද්ගලයින් 14දෙනෙකුට ජීවිත අහිමි වී තවත් 33දෙනෙකුට තුවාල සිදුවිය. බදුල්ල දෙසට ධාවනය වෙමින් තිබූ බස් රථය ඉදිරියෙන් පැමිණි ටිපර් රථයකට මාර්ගයේ ඉඩලබාදීමට යාමේදී අනතුර සිදුව තිබුණි. මේ අතර ප්‍රපාතයට පත් බස් රථයේ පිටුපස සඳහන් කර තිබු වැකියක් මේ දිනවල සමාජ මාධ්‍ය තුළ සංසරණය වන අයුරු දක්නට ලැබුණි. එහි සඳහන් ව ඇත්තේ, “ඇදේට යන මිනිස්සු ලඹේට බලනවා අපි යන්නේ, කෙලින් ද කියලා“ ලෙසය.