විශ්‍රාම වැටුප් සම්බන්ධයෙන් දැනුම්දීමක් - විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවෙන් සුභ ආරංචියක් එළියට
පරිගණක පද්ධතිය නවීකරණය කිරීම හේතුවෙන් තාවකාලිකව අත්හිටුවන ලද විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ සේවාවන් සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර ඇත.
ඒ අනුව, තාවකාලිකව අත්හිටුවන ලද සේවාවන් අද (13) සිට සුපුරුදු පරිදි නැවත ආරම්භ කරන බව විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.
විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතිය නවීකරණය කිරීමෙන් මහජනතාවට වඩාත් කාර්යක්ෂම සේවාවක් සැපයීමේ අරමුණින් මෙම වැඩිදියුණු කිරීම් සිදු කළ බව විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව පෙන්වා දී ඇත.
මෙම කටයුතු අවසන් කර ඇති බැවින්, අද සිට මහජනතාවට ඔවුන්ගේ අදාළ සේවාවන් ලබා ගත හැකි බව ප්‍රකාශ කර ඇත.
මෙම මුලපිරීම යටතේ, 2019 හෝ ඊට පෙර විශ්‍රාම ගිය පුද්ගලයින්ට බලපාන විශ්‍රාම වැටුප් විෂමතා නිවැරදි කරන බව නිවේදනය කර ඇති බව ද සඳහන් වේ.