PCR පරීක්ෂණ අඩුකිරීමක් නෑ -යුද හමුදාපති (VIDEIO)

covid19 quarantine PCR test Shavendra slva positive reports
By Sewvandhi May 29, 2021 05:07 AM GMT
Sewvandhi

Sewvandhi

Report

පීසිආර් පරීක්ෂණ සිදුකිරීම අඩුකිරීමේ කිසිදු බලාපොරොත්තුවක් නොමැති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. පී.සී.ආර්. පරීක්ෂණ සිදුකිරීම සම්බන්ධයෙන් “දෙරණ අරුණ“වැඩසටහනට අද (29) පෙරවරුවේ එක්වෙමින් යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ, සෞඛ්‍ය විශේෂඥවරු විශ්ලේෂණයක් කර පීසීආර් පරීක්ෂණ සිදුකරන බවත් ය.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු යුද හමුදාපතිවරයා,

“වසංගත රෝගී විශේෂඥවරුන් තීරණය කරනු ලබන්නන් ඉලක්ක කරගෙන මේක කරන්නේ. පසුගිය කාලයේ දී එක්සිට් පීසීආර් එකක් කියලා එකක් කරා. ඒ අනුව යම්කිසි පුද්ගලයෙක් ආසාදිතයෙක් වුවහොත් ඔහුගේ ආශ්‍රිතයින් ලෙස මුළු නිවසේ සියලුදෙනාම නිරෝධායනය කරලා දින 14කට පසුව ඔවුන්ව නැවත පරීක්ෂණයකට භාජනය කරනවා. එහිදී අද තිබෙන වසංගත ප්‍රභේදය අනුව බහුතරයක් පොසිටිව් වුණ ප්‍රවණතාවයක් තිබුණා. ඒ නිසා ඉදිරි කාලයේ දී මේ වෙනුවෙන් වැය කරන්නේ නැතුව ඉලක්ක කරගෙන අලුතින් ආසාදිතයින් සොයාගන්න ක්‍රමවේදයක් ඇති කරන්න කියලා උපදෙස් ලබාදීලා තියෙනවා. ඒ අනුව යම්කිසි අඩුවක් තියෙන්න පුළුවන්. එපමණක් නෙවෙයි පසුගිය කාලයේ දී විශේෂයෙන් ම පෞද්ගලික කේෂ්ත්‍රයේ විශාල වශයෙන් පීසීආර් පරීක්ෂණ ප්‍රතිඵල දින 7ක වගේ ලබා නොදී තිබුණා.“

මේවන විට ක්‍රියාත්මකවන එන්නත්කරණ වැඩසටහනට සහයෝගය ලබාදීම හැර කිසිවෙකුටත් ඊට බලපෑම් කිරීමට අවස්ථාවක් නොමැති බව ද යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

යුද හමුදාපති වරයා වැඩිදුරටත් සඳහන් කළේ රත්නපුර සහ යාපනය දිස්ත්‍රික්ක සඳහා එන්නත්කරණ වැඩසටහන හෙට (30) සිට ආරම්භ කරන බවය.



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now