ආබාධිත රණවිරුවන්ගේ වැටුප් සහ දීමනා වලට කුමක් වෙයි ද?..

Sri Lanka Economic Crisis Sri Lanka Government Of Sri Lanka Economy of Sri Lanka
By krishani Aug 06, 2023 03:46 PM GMT
krishani

krishani

Report

විවිධ හේතු ඉදිරිපත් කරමින් රජය විසින් ආබාධිත රණවිරුවන්ගේ වැටුප් සහ දීමනා කප්පාදු කරමින් චක්‍රලේඛයක් නිකුත් කර ඇති බව 'රණවිරු අපි වෙනුවෙන් අපි' සංගමය චෝදනා කළේ ය.

නව චක්‍රලේඛය අනුව ආබාධිත රණවිරුවෙක් වෙනත් හදිසි අනතුරකින් වයස අවුරුදු 55ට පෙර මිය ගියහොත් ඔහුගේ පවුලට වැටුප නොලැබෙන බව ඔවුන් කියා සිටියේ ය.

රජය විසින් පසුගිය කාලයේ යුද්ධයෙන් ආබාධිත වයස අවුරුදු 55 සම්පූර්ණ වීමට පෙර මියගිය රණවිරුවන්ගේ වැටුප් හා දීමනා ඔවුන්ගේ යැපෙන්නන් වෙත අවුරුදු 55 සම්පූර්ණ වනතුරුම ගෙවනු ලැබී ය.

රිය අනතුරු හේතුවෙන් මිය යාම, හදිසි අනතුරු හේතුවෙන් මිය යාම, කලකෝලාහල වලට සම්බන්ධවීමෙන් මිය යෑම ආදී හේතු මත මින් ඉදිරියට ආබාධිත රණවිරුවන් වෙනුවෙන් ගෙවන වැටුප් හා දීමනා කප්පාදු කරමින් රජය චක්‍රලේඛයක් නිකුත් කර ඇති බව එම සංගමය චෝදනා කළේ ය.

කෙසේ වෙතත් වැඩිදුරටත් ඔවුන් කියා සිටියේ, යුද්ධයේ දී සිදු වූ ආබාධ තත්ත්වයන්ගේ බලපෑම මත මිය ගිය රණවිරුවන්ට පමණක් මින් ඉදිරියට අදාළ දීමනා සහ වැටුප් ගෙවීම සිදු කරන බවයි.

ReeCha