බංග්ලාදේශය රනිල්ව සොයයි..

Report

අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ප්‍රකාශ කළේ,වත්මන් බංගලාදේශය රනිල් වික්‍රමසිංහ මහතා වැනි නායකයෙකු සොයමින් සිටින බවයි.

මේ වන විට කොළඹදී පැවැත්වෙන "කාන්තා අපේ බලය" කාන්තා සමුළුව අමතමින් අමාත්‍යවරිය මේ බව කියා සිටියාය.

ඇය වැඩිදුරටත් සඳහන් කළේ, බංග්ලාදේශයට වැනි භයානක තත්ත්වයක් ලංකාවට උරුම නොවූයේ රනිල් වික්‍රමසිංහ මහතා වැනි ධෛර්ය සම්පන්න නායකයෙකු බිහිව සිටි නිසා බවයි.

"මුළු බංග්ලාදේශයම ගිනි ගොඩක් බවට පත්වුණා.අද බංග්ලාදේශය රනිල් වික්‍රමසිංහ වැනි නායකයෙකු සොයමින් සිටිනවා. අපිට ඒ දේ උරුම නොවුණේ මේ මාතෘ භූමියේ මහ පොළොවේ රනිල් වික්‍රමසිංහ වැනි නායකයෙකු වැනි බිහි වුයේ නිසයි. ඒ නිසා මේවට තර්ක විතර්ක අවශ්‍ය නෑ.

රටේ නායකයා රටින් ගිය වෙලාවේ මේ මාතෘ භූමියේ එක ලේ කඳුළක් හදන්නේ නැතුව රාජ්‍යත්වය ස්ථාපිත කරමින් මේ රට නැවත යථාතත්ත්වයට පත් කළේ වෙන කවුරුත් නෙමෙයි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමයි.

ඒ නිසා අපි අද පාට, පක්ෂ සියල්ල පැත්තකට දාලා මේ මාතෘ භූමියේ නිවැරදි තීන්දු ගන්නා වූ කාන්තාවන් වශයෙන් අපේ ස්වකීය යුතුකම මේ මාතෘ භූමියට එක් කිරීමටයි එකතු වුණේ."