විශාල පතුරම් තොගයක් මතුවූ තැන මෙන්න.
Police
Pathoram
Mulathiw
By Aruna
මුලතිව්, තීර්තකරෙයි ප්‍රදේශයේ ළිඳක තිබී පතොරම් තොගයක් ඊයේ (16) මුලතිව් පොලිස් විශේෂ කාර්ය බළකා නිළධාරීන් විසින් සොයාගෙන තිබෙනවා.
පොලිසිය පැවසූවේ අදාළ ළිඳ පිරිසිදු කරන අවස්ථාවේ මෙම පතොරම් තොගය දැක අනතුරුව ප්‍රදේශවාසීන් විසින් මේ සම්බන්ධයෙන් පොලිසිය දැනුවත් කළ බවයි.
ළිඳ තුළ තිබී පතොරම් 1529ක් මෙලෙස සොයා ගැනීමට හැකිව ඇති අතර මෙලෙස සොයාගත් පතොරම් තොගය ප්‍රයෝජනයට ගත හැකි තත්ත්වයේ පවතින බව ද පොලිසිය සඳහන් කළා.
සොයාගත් පතොරම් මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේ පොලිස් විශේෂ කාර්ය බළකා බෝම්බ නිශ්ක්‍රීය අංශ නිළධාරීන් නිශ්ක්‍රිය කිරීමට නියමිත බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
සිද්ධිය සම්බන්ධයෙන් මුලතිව් පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ලබනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |