සජබයේ පාතහේවාහැට ප්‍රා.සභා සභාපති ඉල්ලා අස්වේ
පාතහේවාහැට ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ කේ.එස්.බී. රාජනායක මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය අද සභා ලේකම්වරිය වෙත නිල වශයෙන් භාරදී තිබේ.
පසුගිය පළාත් පාලන මැතිවරණයේදී සමගි ජන බලවේගය පක්ෂයෙන් තරඟ වැදුණු ඒ මහතා, පසුව එම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස තේරී පත්විය.
පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ජාතික ජන බලවේගය පාතහේවාහැට කොට්ඨාශ බහුතරයක් ජයග්‍රහණය කළද, සභාවේ පාලන බලය පිහිටුවීම සඳහා අවශ්‍ය ස්ථාවර බහුතරය ලබා ගැනීමට ඔවුන් අපොහොසත් විය.
ඒ අනුව, සමගි ජන බලවේගය සහ සර්වජන බලය පක්ෂය එකමුතුව සභාවේ බලය අත්පත් කරගත් අතර, එහිදී සභාපති ධුරය සමගි ජන බලවේගයටත්, උප සභාපති ධුරය සර්වජන බලයටත් හිමිවිය.
රටක් හොල්ලපු මෙහෙයුම - පා. මන්ත්‍රීනියකගේ නිවසින් ඩො. මිලියන 57 ක මුදල් සහ පිරිසිදු රත්‍රන් කිලෝ 27න් කරපු රන් ආලේපිත යට ඇඳුම් හමුවෙයි - අත්අඩංගුවට
කෙසේ වෙතත්, සභාපතිවරයා විසින් ඒකාධිපති ස්වරූපයකින් සභාව පාලනය කරන බවට චෝදනා කරමින්, සර්වජන බලය පක්ෂය නියෝජනය කළ උප සභාපතිවරයා මීට සති කිහිපයකට පෙර විරෝධතා උපවාසයක පවා නිරත වීමට පියවර ගෙන තිබුණි.