'යකඩ මිනිසා' නිසා සී.අයි.ඩී ආ පාඨලී පිටව යයි.
Sri Lanka
Political
Champika ranawaka
FCID
Samagi janabala wegaya
By Aruna
ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (24) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා මේ වනවිට ඉන් පිටවගොස් තිබේ.
එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගෙන් පැය 3ක පමණ කාලයක් ප්‍රකාශ සටහන් කරගෙන ඇත.
එම අවස්ථාවේදී සමගි ජන බලවේගයේ තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුලු පිරිසක්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අසලට පැමිණ තිබුණි.
ඉකුත් යහපාලන ආණ්ඩු සමයේ මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය මගින් ක්‍රියාත්මක කළ "යකඩ මිනිසා" නම් ව්‍යාපෘතියේදී සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් එහිදී පාඨලී චම්පික රණවක මහතාගෙන් ප්‍රශ්න කර ඇති බව වාර්තා වෙයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |